May 04, 2024

මුට්ටි කතාවෙන් පසු ඇමැති පවිත්‍රා කිරි කළ ගෙන විශේෂ දේව පූජාවක Featured

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නආරච්චි මහත්මිය පෙරේදා(07) විශේෂ දේව පූජාවකට සහභාගී වී තිබේ.

වැල්ලවත්ත මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේදී මෙම පූජාව සිදුකර තිබෙන අතර ඊට ඇයගේ ස්වාමිපුරුෂයා වූ කංචන ජයරත්න මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ආශිර්වාද එක් කරමින් මෙම පූජාව පවත්වා ඇතැයි වාර්තා වේ.

මීට පෙර විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පිරිත් කල මුට්ටි ගංගා වලට මුදා හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණේ එලියන් වයිට් මහතාගේ උපදෙස් මතයි. එහිදී පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය සිය පැන් කළය කළු ගඟට මුදා හැරීමට කටයුතු කර තිබිණි.

කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් තිදෙනෙකු හා කලක් රාජකීය වෛද්‍යවරයා ලෙස හැඳින්වූ එලියන්ත වයිට් මහතා විසින් මෙලෙස පැන් මුට්ටි ගංගා වලට දැමීමේ වීඩියෝවක් නිසා දැඩි කතාබහට ලක්විය.

Rate this item
(0 votes)