May 04, 2024

අද කාළගුණය : ප්‍රබල අකුණු සමග වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දකුණු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම,වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිරගිනිකොනසහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති වීමේ හැකියාව පවතින බවද මුහුදු ප්‍රදේශ සඳහා අනාවැකිය නිකුත් කරමින් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 May 2021 22:05