April 28, 2024

කරාපිටියේ වෛද්‍යවරයා සොයා ගත් කරල ගැන රජයෙන් පරීක්ෂණයක්

ප්‍රතිශක්තිය වර්ධනය කිරිම සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් නිපදවා ඇති බව කියන දැනට වෙළදපොළේ ඇති ආහාර අතිරේකය පිළිබද විමර්ශනයක් ආරම්භ කොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

මෙකී ආහාර අතිරේකය තිබු ඇසුරුම් බෝතල් ගාල්ල නගරයේ පිහිටි වෙළදසැළක අලෙවි කිරිමට තිබියදි එහි සාම්පලයක්  විමර්ශන කටයුතු සදහා ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ලබා ගෙන ඇත.

මෙකී ආහාර අතිරේකය සම්බන්ධයෙන් ඇසුරුමේ සදහන් තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගැනිම සදහා විමර්ශන ආරම්භ කොට ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

මෙකි ඇසුරුමේ සදහන් පරිදි සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, හිසරදය සදහා අමතර ආහාරයක් ලෙස වරකට පෙති එක බැගින් දිනකට දෙවරක් දින 04ක් පානය කරන ලෙස සදහන්ව ඇති බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 

එක් ඇසුරුම් බෝතලයක් රුපියල් 3750ක මිලකට අලෙවි කරන බව පවසන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය   ඇසුරුමේ සදහන් ආකාරයට ප්‍රමිති ආයතනය මගින් සහතිකය ලබාගෙන තිබේද යන්න පිළිබද විමර්ශනයක් සිදුකරන බවද පවසයි.

මෙකී ආහාර අතිරේකය පිළිබද පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබි ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

 (ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)