May 19, 2024

"ඉන්දියාවට වරාය දුන්නා නම් එන්නත් ටිකත් දෙනවා" - චාමර සම්පත්

ඉන්දියාවට වරාය ලබා දුන්නේ නම් මේ වන විට එන්නත් තොගය ලබා ගැනීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මේ වන විට ඉන්දියාවට පවා එන්නත් මදි වීම මඟින් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

පෞද්ගලික ආයතන සඳහා එන්නත ගෙන්වීමට අවසර ලබා දීම මඟින් මුදල් තියෙන පුද්ගලයින්ට තම පෞද්ගලික මුදලින් එන්නත ලබා ගැනීමේ හැකියාවක් පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

රාජ්‍ය සේවකයන් මේ රට වෙනුවෙන් විශාල සේවා සේවයක් සිදු කරන බවත් ඔවුන්ට එන්නත ලබා දීමේ ප්‍රමුඛතාවයක් හිමි විය යුතු බවද පැවසිය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 6ක් ඉන්දුනීසියාව සතුව තිබෙන බවත් එය මෙරටට ලබා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් ඒ මහතා අවධාරණය කළේය.

කොවිඩ් වෛරසය මෙරටට පැමිණීමට පෙර මෙරට තුළ ඩෙංගු රෝගය තිබූ බවත් වසර 4ක් තුල ඩෙංගු වලින් 788ක් මය ගොස් ඇති නමුත් කොරෝනා රෝගයෙන් මියගියේ 709ක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 15:43