May 08, 2024

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වසා දමයි

කෝට්ටේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව එහි සභාපති ඉංජිනේරු අනුර වල්පොල මහතා පවසයි.

පසුගිය දා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වලින් එම ආයතනයේ සේවකයන් 17 කොරෝනා ආසාදිතයන් වීම හේතුවෙන් මෙසේ වසා දැමීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම එම පිරිසට අමතරව තවත් 19 දෙනෙක් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කෙරුණු අතර ඔවුන් නැවත පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත අතර සේවකයන්42 ක් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොදා ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ප්‍රධාන කාර්යාලය වසා දැමීම හේතුවෙන් අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල 21 සේවාවන් නොවෙනස්ව ක්‍රියාවට නැංවෙන බවත් එය ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පී.සී.ආර් පරීක්ෂණ පසුගිය දා සිදුකෙරුණු අතර එහි වාර්තාව ඊයේ දිනයේ දී භූ විද්‍ය හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා වෙත ලබා දීම සිදු කෙරුණ.

Rate this item
(0 votes)