April 27, 2024

නෙළුම් පොකුණ රෝහලක් කරන්නැයි යෝජනාවක් (VIDEO)

නෙළුම් පොකුණ රඟහල කොරෝනා රෝහල් කරන්නැයි සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කලේ අද (04) පාර්ලිමේන්තුවේ දීය.

එහිදී රාජිත සේනාරත්න මහතා මෙසේ අදහස් දැක්විය.

"මම ඉවත් වෙලා එනකොට 777ක් ඇඳන් තිබුණා. මම වැඩ භාර ගන්නකොට 598 වෙන්ටිලේටර්ස් තිබුණා. ඒක 777 දක්වා වැඩි කළා. මොනිටර්ස් තිබුණේ 400. මම ඒක 850 වෙනකන් වැඩි කළා 450කින්. ඒ අනුව බලනකොට මොනිටර්ස් 850කුයි, වෙන්ටිලේටර්ස් 777 කියන්නේ අඩුමගානේ 700ක්වත් අපිට දැඩිසත්කාර ඒකක ඇඳන් තියෙනවා. ඒකෙන් 38යි මේකට වෙන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මම ඉල්ලා හිටිනවා මේ නෙලුම් පොකුණ තියෙනවා දැන් නිකන් තියෙන්නේ ඕක. ඒකෙ ඉඩකඩ අරගෙන ඒකට ඇඳන් දාලා ඒක ලෑස්ති කරගන්න කියලා."

Rate this item
(0 votes)