April 26, 2024

"නර්ස්ලා දෙන්නෙක් දුම් ඇල්ලුවා" - දැරිය මිය ගියේ ඖෂධ විෂ වීමෙන් : රෝහල් බලධාරීන්ට චෝදනා (VIDEO)

කුරුණෑගල පඩිකාරමඩුව කොලනිය ප්‍රදේශයේ පදිංචි ගිහානි සංසලා 8 හැවිරිදි පාසල් සිසුවියකි.

පසුගිය 20 වනදා රාත්‍රියේ සෙම් රෝගය උත්සන්න වීම හේතුවෙන් ඇය හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබිණි.

ඥාතින් පවසන්නේ රෝහල් කාර්යමණ්ඩලය වෛද්‍ය අධීක්ෂණයකින් තොරව දැරියට ඖෂධ ලබා දුන් බවයි.

මියගිය  ගිහානි සංසලා දැරියගේ මව : ඇතුලේ හිටපු නර්ස්ලා දෙන්නෙක් දුම් ඇල්ලුවා. දොස්තර මහත්තයාට කතා කරලා ෆෝන් එකෙන් පෙති දෙකක් දුන්නා. එකක් දුන්නා. මගේ දරුවා එකක් වමනේ කළා. ඒකට හරියන්න තව බෙහෙතක් දුන්නා. චූටි අම්මගේ ඇඟ පුරාම පලු දැම්මා. ඒවා ටික ටික ලොකු වුණා. 

රෝගය උත්සන්න වීමත් සමඟ දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබිණි.

එලෙස දින 10කට ආසන්න අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගිය පළමු වැනිදා ජිවිතයෙන් සමු ගනු ලැබිය.

දැරියගේ දේහය භූමිදානය කිරීමට යන අතරවාරයේ ඇගේ පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලයට විරෝධය පළ කළේය.

කෙසේවෙතත් හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චින්තක ධර්මාරච්චි මහතා එම චෝදනා මෙලෙස ප්‍රතික්ෂේප කළේය.

"100%ක් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. එම කාර්යභාර වෛද්‍යවරයා රෝගියා ඇතුලත් කරන අවස්ථාවේ අවශ්‍ය ප්‍රතිකාර නියම කිරීම හා අවශ්‍ය කටයුතු කරලා තිබ්බා."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 09:58