May 17, 2024

ප්‍රමිති ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි - ඉහල පෙලේ නායකයන්ටත් දන්වයි

සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශයට සම්බන්ධ වීම සඳහා තමා මෙලෙස ඉල්ලා අස්වන බවයි.

ඉල්ලා අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට පසුගිය අපේ‍්‍රල් මස 19 වැනිදා බාර දුන් බවත් පසුගිය 30 වැනිදා පැවැති අවසන් අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව නිල වශයෙන් ඉවත් වූ බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රජයේ උසස් දේශපාලන නායකයන් ද දැනුවත් කරමින් තනතුරෙන් ඉවත් වූ බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වන බවත් ඔහු කීය.

ඒ මහතා මීට පෙර සතොස සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

Rate this item
(0 votes)