May 18, 2024

නුවරඑළිය සැණකෙළියේ කොවිඩ් ප්‍රථිපල එයි! පොලිස් නිලධාරීන්ට කොවිඩ් - පොලීසියේ කොටසක් වසා දමයි

නුවරඑලිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියකට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.

රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විම නිසා රථ වාහන අංශයේ අනෙකුත් පොලිස් නිලධාරින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමු කර රථ වාහන අංශය තාවකාලිකව වසා දැමු බව එම නිලධාරිවරයා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති නිලධාරින් නුවරඑලිය වසන්ත උදානයේ රාජකාරි කර නිලධාරින් පිරිසක් බවද පැවසේ.

පසුගියදා කොවිඩ් අවධානම නොතකා විශාල වශයෙන් නුවරඑලියට එක් රැස්වූ අතර කොවිඩ් නීති නොතකා වසන්ත සැණකෙළිය දිගින් දිගටම පැවැත්විණි.

දවස් 5කට පමණ පසු ඔවුන් එය නවතා දැමීමට තීරණය කළේය. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 May 2021 12:11