May 04, 2024

ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් පිරිසක් ලංකාවට පැන ඇවිත් - එක් අයෙක් ආගිය අතක් නැහැ (VIDEO)

ඉන්දියාවේ චෙන්නායි, කුප්පම් සිට කාන්තාවක් ඇගේ දරු දෙදෙනාද සමඟ ධීවර යාත්‍රා මඟින් ඊයේ අලුයම මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිට තිබේ.

ඒ වයස අවුරුදු 13 ක් සහ 4 ක් වූ සිය දරු දෙදෙනාද සමඟිනි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමඟ පොලීසිය සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ ඔවුන් සැඟව සිටි නිවසට පැමිණ ඔවුන්ව නිරෝධායනයට යොමු කළේය.

ඉන්දියාවේ සිට මෙරට ට පැමිණි කාන්තාව මෙලෙස අදහස් දැක්විය.

“අපිව බෝට්ටුවෙන් එක්කගෙන ආපු ඉන්දීය ජාතිකයින් දෙන්නා අපිට කිව්වා මේ පැත්තෙන් ගියොත් යන්න පුළුවන් කියලා. “

සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ කාන්තාව සහ දරු දෙදෙනාට රැකවරණය ලබාදුන් සහ ඔවුන් ඇසුරු කළ ප්‍රදේශයේ පවුල් 5ක පුද්ගලයින් 26 දෙනෙකුද නිරෝධායනය කළ බවය.

එමෙන්ම අදාළ කාන්තාව සහ දරු දෙදෙනා සමඟ ඉන්දියාවේ සිට තවත් කාන්තාවක් පැමිණි බවට වාර්තා වන නමුත් ඇය සිටින ස්ථානයක් මෙතෙක් සොයාගෙන නොමැත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 May 2021 20:36