May 17, 2024

බන්දුල අත්අඩංගුවට ගත යුතුයි - අසේල සම්පත් කියයි (VIDEO)

තමාව අත්අඩංගුවට ගනු ලැබුවේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සැලසුමකට අනුව බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

පිළිකා පොල්තෙල් වෙළඳපොලෙන් හමුවීම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව අත්අඩංගුවට ගත යුතු බවද ඔහු සඳහන් කරයි.

තමාට මරණ තර්ජන තිබෙන බැවින් ආරක්ෂාව ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියි.

සිරගෙදරදී තමාට දරුණු වධ හිංසා කළ බවත් ජේලර්වරු මත්ද්‍රව්‍ය සැකකරුවන්ගෙන් ඊසි කෑෂ් ලෙස මුදල් ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අසේල සම්පත් මහතා මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 May 2021 18:59