May 19, 2024

ජා.නි.පෙ, නායක විමල් නැතුව මැයි දිනය සමරයි: ප්‍රධාන දේශනය ජයන්ත සමරවීරගෙන්

ජාතික නිදහස් පෙරමුණ මැයි දින සැමරුම අද (1) ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ සජීවි විකාශයක් ලෙස පැවැත්විණි.

"එක රටක් එක නීතියක් සැමට සමානව සලකමු"තේමාව යටතේ විනාඩි 45ක කාලයක් පුරා පැවැත්වූ මෙම මැයි දින සැමරුමේ විශේෂත්වය වූයේ ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ අමාත්‍යවරයා ඊට සහභාගී නොවීමය

.එහෙත් මෙවර ජාතික නිදහස් පෙරමුණ මැයි දින සැමරුම හඳුන්වා දී තිබුණේ විමල් වීරවංශසහභාගීවන මැයි දින සැමරුම ලෙසය

ඒ අනුව ජාතික නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ මෙම මැයි දින සැමරුමේ ප්‍රධාන දේශනය ජාතික නිදහස් පෙරමුණ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා විසින් පවත්වන ලදී.

කොවිඩ් 19 තත්වය හමුවේ මෙවර මැයි දින සැමරුම මේ ආකාරයට පැවැත්වීමට සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සිය කතාව ආරම්භ කළා රාජ්‍ය අමාත්‍යවරයා සුපුරුදු පරිදි අධිරාජ්‍යවාදී බලවේග පරාජය කිරීමේ ඇති අවශ්‍යතාවය සිය කතාවේ පදනම බවට පත්කර ගන්නා ලදී.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයාද සහභාගි විය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 May 2021 19:47