May 06, 2024

කිරුළ ගලවද්දී පුෂ්පිකාට කැරොලයින්, චුලා කිව්වා දේ (VIDEO)

තමාට කාටවත් බොරු චෝදනා කිරීමට අවශ්‍ය නැති බවත් එදා චුලා සිදු කල දේ ලෝකයක්ම බලා සිටි බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළේය.

ඔවුන්ගේ ශරීර භාෂාව මඟින් ඔවුන් කියූ දේ තේරුම් ගැනීමට හැකි බවද ඇය පැවසිය.

චුලා පද්මේන්ද්‍රන් සහ කැරොලයින් ජුරි කියූ දේවල් ගැන තමා කතා කිරීමට අකමැති බවත් කාන්තාවකට තවත් කාන්තාවක් ගරු කළ යුතු බවද ඇය සඳහන් කළේය.

ප්‍රශ්නයක් තිබේ නම් එම ප්‍රශ්නය විසඳන ආකාරයක් තිබෙන බවත් කිරුල එක් අයෙකුට ගැලවීමට හැකි බවද පුෂ්පිකා පැවසිය.

තමා මුල සිටම දේශපාලනය කල බවත් තමා දේශපාලනය පටන් ගත්තේ කිරුල හිමි වූ පසු බවට යන රාවය බොරුවක් බවද සඳහන් කළේය.

එහිදී කැරොලයින් ජුරි සහ චුලා පද්මේන්ද්‍රන් මෙසේ පැවසු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

"........ කිව්වා....මට මෙතනින්..අරයා කිව්වා මිනිහව එක්කන් එන්න කියලා...ඔව් එහෙම කිව්වා."

Rate this item
(0 votes)