May 17, 2024

අද කාලගුණය: තැනින් තැන වැසි Featured

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා අනාවැකිය නිකුත් කරමින් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 April 2021 15:59