May 20, 2024

"රට තීරණාත්මක මොහොතක.. වහාම Lock down කරන්න..රට ඉන්දියාවේ තත්වයට පත්වෙයි" - උපුල් රෝහණ (VIDEO)

රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් ග්‍රාමසේවක වසම් වැසීමෙන් වැඩක් නැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රජයට වටින්නේ ආර්ථිකයද? මිනිසුන්ගේ සෞඛ්‍යද? යන්නය.

කොරෝනා බරපතල සමාජ ව්‍යප්තියක ඇති බවත් ආරක්ෂාවට ඇත්තේ තම නිවාස පමණක් බවද සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ, වෛද්‍යවරු, හෙද හෙදියන්, PHI රැසක් ආසාදිතයන් බවත් ඒ මහතා පවසයි.

විනෝද චාරිකා ගිය, බඩු මිලදී ගැනීමට ගිය සහ සාද දාපු සියල්ලෝම අනතුරක සිටින බව අවධාරණය කරන උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිම රැස්වීමකට තමන්ව කැඳවන්නේ නැති බවය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 April 2021 16:43