May 17, 2024

හිරේ ඉන්න චොකා මල්ලී වෙනුවෙන් දුව මන්ත්‍රී කමේ වැඩ බලයි (PHOTOS) Featured

බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියණිය වන සෙනාලි ජයසේකර සිය පියා නියෝජනය කරමින් උත්සව, රැස්වීම්වලට සහභාගී වී ඇතැයි වාර්තා වේ.

මේ අතර ආන්දෝලනාත්මක සිද්ධිය වූයේ ප්‍රේමලාල් මන්ත්‍රීවරයාගේ දියණිය වන සෙනාලි ජයසේකර “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය යටතේ නිවිතිගල සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබීමත් සමඟය.

එමෙන්ම ඇයගේ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කරන විට දැකගත හැකි වන්නේ පසුගිය වැඩසටහන් සඳහා ද ඇය සිය පියා වෙනුවට පැවති සියලු රාජ්‍ය උත්සව සහ වැඩසටහන් වලට සහභාගී වී ඇති ආකාරයයි.

එම සෑම අවස්ථාවකම “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය දක්වමින් සිය දැන්වීම් ඉදිරිපත් කර ඇති බව දැකගත හැකිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට “චොකා මල්ලි“ යනුවෙන් අනවර්ථ නාමයක්ද පවතින අතර ඒ පිළිබඳ පසුගියදා පැවැති පාර්ලිමේන්තු සභා වාරයේදී මන්ත්‍රීවරයා අදහස් දක්වා තිබිණි.

තමන්ට චොකා මල්ලි යැයි කියන්නේ පාසල් යන කාලේ පියා විසින් දුන් මුදල් වලින් හැමදාම චොකලට් කෑ නිසා බව එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි.

May be an image of one or more people, people sitting and indoor

Rate this item
(0 votes)
Last modified on Monday, 26 April 2021 11:16