May 12, 2024

හැටන් දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් නිවාස 26ක් ජලයෙන් යටවෙයි

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට ඊයේ (17) පස්වරුවේ පැයක පමණ කාලයක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පහත් බිම් ප්‍රදේශයේ පිහිටි වතු නිවාස 26 ක් ජලයෙන් යට වු බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

එම වතු නිවාස පේලියට ආසන්නයේ පිහිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් එම වතු නිවාස ජලයෙන් යට වි ඇත.

දික්ඔය ඇළ පිටාර ගැලිම නිසා වතු නිවාස තුල අඩි දෙකක් පමණ උසට ජලය පිරි ගොස් තිබු බවත්, වැසි ජලය බැස යාමෙන් පසු එම නිවාස වල පදිංචිකරුවන් නිවාස සුද්ද පවිත්‍ර කර එම නිවාස වලම යලිත් පදිංචි වු බව සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

පොඩයිස් වතු යාය හරහා කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි ජලය රිසි සේ ගලා නොබැසිම නිසා දික්ඔය ඇළ පිටාර ගලන බවත්, එම ඇළෙහි ජලය රිසි සේ ගලා යාමට අවශ්‍යය කටයුතු කරන ලෙස පිඩාවට පත් වතු කම්කරුවන් කියා සිටියි.

දික්ඔය ඇළ ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමු වි ඇති බවද නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 April 2021 12:33