April 27, 2024

අවුරුදු උත්සව අවසර නැතිව බෑ - අවසර ගන්නේ මෙහෙමයි

අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය ලබා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යළිත් අවධාරණය කරයි.

එසේ නොමැති වුවහොත් නිරෝධායන නීති රීතිවලට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බව ඔහු කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ අදහස් දැක්වීය.

"මේ කාලය තුළ ඉතාම ප්‍රවේශමෙන් ඔබ කටයුතු කළ යුතුයි. එක් පැත්තකින් කොවිඩ් වසංගතය අනෙක් පැත්තෙන් රිය අනතුරු. අපි අවුරුද්ද සමරන්නේ විනෝද වෙන්න සතුට සමරන්න. ඒ අතරතුර කොවිඩ් වැළඳුණොත් සතුට ප්‍රීතිය හැම දෙයක්ම අපෙන් තුරන් වී යනවා. නිරන්තරයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ඒ වගේම අවුරුදු සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් දෙයත් වර්ෂවල සිදු කෙරෙනවා. අවුරුදු උත්සව, තරග. නමුත් මෙවර ඒවා සිදු කළ හැක්කේ සීමාවන්ට යටත්ව. සෞඛ්‍ය බලධාරීන්ගේ හෝ පොලිසියේ අවසරයක් නොමැතිව එවැනි කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකළ යුතුය. ඒ වගේම ඒ ගැන අපි විමසිල්ලෙන් පසු වෙනවා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 April 2021 11:34