April 26, 2024

ෆොන්සේකා චමල්ට නොගහපු හේතුව කියයි - "මම ඔය මිනිහට නොගැහුවේ මළොත් කියන බයට" (VIDEO)

"මම කතා කරනකොට අර චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬගැහුවා." යයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ තමන් හා චමල් රාජපක්ෂ අමාත්‍යවරයා අතර ඇතිවූ බහින් බස් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරයි.

"එදා හිටපු කතානායක කරපු දේ විවේචනය කරාම,මට සභාවට එන්න දුන්නේ නැහැ මම ඇපෑල තුනක් තියෙනකොට මාව හිරේ දාන් හිටිය කිව්වම ඒ පුද්ගලයා මට ගහගන්න අඬ ගහනවා. හැබැයි ඒ වගේ ඇවිද ගන්න බැරි මිනිහෙක් එක්ක ගහගන්න ගියා නම් ඔය මිනිහා මැරුනොත් අපට ඊට පස්සේ මිනී මැරුම් නඩුවක් එනවා" යයිද සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සරත් ෆොන්සේකා මහතා මෙසේ ප්‍රතිචාර දැක්වුයේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සමග ඇති වූ බහින් බස් වීමේදී අමාත්‍යවරයා "එනවා එලියට. එනවා එලියට. එළියට එනවා පෙන්නන්න" යයි කළ අභියෝගයට ප්‍රතිචාර දක්වමිනි.

සරත් ෆොන්සේකා මහතා චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට දැක්වූ ප්‍රතිචාර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් එම ගැටුම්කාරී අවස්ථාව සජීවීව විකාශය කළ වීඩියෝ පටය ඇතුළත්ය.

එහිදී සරත් ෆොන්සේකා මහතා චමල් රාජපක්ෂ අමාත්‍යවරයා අමතමින් සත්තුන්ගේ නම් කියමින් පරුෂ වචන කියමින් බැණ වදින ආකාරයද එම වීඩියෝ පටයේ දක්නට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 15:07