April 26, 2024

කතානායකට දොස් කියලා වැඩක් නැහැ: ඔහු වැඩ කරන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට Featured

කතානායකට දොස් කීමෙන් ඵලක් නැති බවත් කතානායක පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්නේ ආන්ඩුවේ න්‍යාය පත්‍රය බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.

එනිසා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි බවට කතානායකවරයා කළ ප්‍රකාශය ඔහුගේ ස්ථාවරය නොව ආණ්ඩුවේ ස්ථාවරය බවද එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

සිර දඬුවමක් විදිමින් සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුරය අහෝසි බව ප්‍රකාශ කිරීමත් සමග සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් කතානායකවරයා අභියසට ගොස් ඔහුට එරෙහිව විරෝධතාවයක් දැක්වීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් සිය නම හෙළි නොකිරීමේ එකඟතාවය මත එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා මෙම තොරතුරු හෙළිදරව් කරන ලදී.

මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා මධ්‍යස්ථ පුද්ගලයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු මුත් එසේ නොකොට ආණ්ඩුවේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් වන තමන් ඇතුළු බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් තුළ අවබෝධයක් තිබෙන බවද මෙම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරිම පිළිබඳව එවන් දැනුවත් වීමක් තිබේ නම් කතානායක වරයාට එරෙහිව විරෝධතාවයක් පැවැත්වූයේ ඇයිදැයි කළ විමසුමට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කළේ එය පක්ෂයක් ලෙස සිය සඟයෙකු වෙනුවෙන් කළ යුතු කාර්යයක් වුවද ඉන් තවත් අවාසිදායක තත්ත්වයක්ද සිය දේශපාලන කඳවුරට සිදුවන බවය.

ඒ කුමක්දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට සුදුසුකම් ලබා තිබෙන අජිත් මානප්පෙරුම මහතාට මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ගැටලුවක් ඇතිවිය හැකි බවය.

එනම් විශේෂයෙන්ම අජිත් මාන්නප්පෙරුම මහතා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තුළම තමාට එරෙහිව යම් විරෝධයක් තිබේදැයි මාන්නප්පෙරුම මහතාට සිතෙන්නට හැකි බවය.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දැක්වූ විරෝධතාවයේදී බහුතර පිරිසක් කතානායකවරයා ආසන්නයට ගොස් සිය විරෝධය දක්වද්දී තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් සිය අසුන් ආසන්නයේම නැගිට සිට නිහඬව බලා සිටින අයුරු එම විරෝධතාවය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට දැක ගැනීමට පිළිවන.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 00:34