April 27, 2024

පුෂ්පිකාට බැන්න චූලා කලහාකාරී චරිතයක් - සාක්ෂිත් එලියට

මතභේදයට තුඩුදුන් විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව ලෙස පුෂ්පිකා ද සිල්වා කිරුළ පැළඳවීමෙන් පසු යළිත් ඇගේ එම කිරුළ ගැලවීමට කටයුතු කළ කැරලොයිනා ජූරිට සහය දුන් චූලානන්ද පද්මේන්ද්‍රගේ වගතුග ද මේ වනවිට හෙළිදරව් වෙමින් තිබේ.

ඇය අන් අයගේ ජයග්‍රහණ මෙන්ම විනිශ්ච මණ්ඩලයේ තීරණ ඉවසා දරා ගැනීමට නොහැකි කලහාකාරී තැනැත්තියක බව මීට වසර 12 ට පෙර පැවති සිරස ඩාන්සින් ස්ටාර් අවසන් මහා තරගයේදී ඔප්පු කොට තිබේ.

එම තරඟයේදී ඇය සහ ඇගේ සහායකයා තුන් වැනියා ලෙස නම් කිරීමත් සමඟ ඉන් කෝපයට පත් ඇය ජයග්‍රහකයා සහ දෙවැනියා නම් කිරීමටත් ප්‍රථම සහායකයාගේ ඉල්ලීම ද නොතකා වේදිකාවෙන් බැස යන දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබේ.

ජයග්‍රහකයාට සහ දෙවැනියාට සුබ පැතීමට වත් නොසිට වේදිකාවෙන් බැස යෑම මත චූලාව ඒ අවස්ථාවේ මාධ්‍ය තුළ ආන්දෝලනයකට මෙන්ම විවේචනයටද ලක් විය.

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගේ ජයග්‍රාහී කිරුළ ඉවත් කිරීමට කැරලයින් ජූරි පෙර පුෂ්පිකා ද සිල්වාට බැන වදිමින් ඇගේ කිරුළ ඇයටත් රිදෙන අයුරින් චූලා අදින අයුරු වීඩියෝ පට වල දක්නට ලැබේ.

චූලා පද්මේන්ද්‍ර, කැරලයින් ජූරිගේ පුහුණුකාරියක් ලෙසද හැඳින්වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 April 2021 15:51