April 26, 2024

පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක්! විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සභා ගැබ මැද යකා නටයි (VIDEO)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 04ක සිර දඬුවම් හිමිවීම නිසා රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන අහිමි වූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී ඇති බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිදුකළ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තු සභා ගර්භයේ මීට ටික වේලාවකට පෙර ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවය දැක්වූ පාර්ලිමේන්තු නිලධාරීන් සෙංකෝලයේ ආරක්‍ෂාව සදහා ඒ අසලට පැමිණියහ.

සිරගතව සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව ඔවුන් පල කලහ.

විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කලේ කතානායකවරයා තමන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් නොදෙන බවටය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 April 2021 16:25