April 27, 2024

පොඩි ලැසිගේ ගෝලයෙකු අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයකු වන පොඩිලැසිගේ සමිපතයකු රිවොල්වර්ගයේ ගිණි අවියක්, මිලිමිටර් 09 උණ්ඩ 05ක් හා ජංගම දුරකථන 02ක් සමග අහංගම ගුරුල්ලවල ප්‍රදේශයේ දි පෙරේදා ඊයේ (31) අත්අඩංගුවට ගත් බැව් පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරු කේරල ගංජා ජාවාරමේ නිරත ජාවාරම්කරුවකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත. සැකකරු තිස්අට හැවිරිදි වියේ පසුවන අහංගම ගුරුල්ලවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විසින් මීට වසර 03කට පමණ ඉහතදි පොඩිලැසි නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එමෙන්ම පොඩිලැසි විසින් මෙකි සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 80ක මුදලක් තැන්පත් කොට ඇති බවට අනාවරණය වි ඇති බවද විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් ඒකකය පවසයි.

සැකකරු විසින් ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කොට අහංගම ප්‍රදේශයේ විලා එකක් ඉදිකොට ඇති අතර තවත් ලක්ෂ 30ක මුදලක් බැංකු ගිණුමේ තිබි ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ ලක්ෂ එකහමාරක මුදලක් තිබි ඇත.

බැංකු ගිණුමේ ඇති රුපියල් ලක්ෂ 30ක මුදල ලබාදෙන බවත් තමන් නිදහස් කරන ලෙස සැකකරුවිසින් විශේෂ කාර්යබලකා නිලධාරින්ගෙන් ඉල්ලිමක් කොට ඇති බවද විශේෂ කාර්යබලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙණ නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අධ්‍යක්ෂක බුද්ධි රෝහාන් කරුණාරත්න, අධ්‍යක්ෂක ඩි.පි.ඒ.කොඩිතුවක්කු යන නිලධාරින්ගේ උපදෙස් මත විශේෂ මෙහෙයුම් ඒකකයේ පො.ප මනොහර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

Rate this item
(0 votes)