April 26, 2024

කොරෝනා ආසාදිතයින් ගණන 92,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනා ගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92,007ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිත රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් 235 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සඳහන් ය.

මේ අනුව මෙරට කොවිඩ් ආසදිතව සුවය ලැබූ සමස්තය 88,623ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

Rate this item
(0 votes)