April 26, 2024

කාන්තාවන් තිදෙනෙකු අතර ගැටමුක් - එක් කාන්තාවකට මුගුරකින් පහර දී එතනම මරා දාලා (PHOTOS)

දියණියක් සහ මවක් එක්ව පියාගේ දෙවැනි බිරිඳ පහර දී මරා දමා ඇතැයි හැටන් දිඹුල පතන පොලිසිය පවසයි.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් කොටගල ෆොරොස්ට් ක්‍රික් වතු යායේ පදිංචි විශ්වනාදන් අම්මා නැමති කාන්තාවකි.

සැකකාර මව සහ දියණියගේ පහර දීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති 42 හැවිරිදි කාන්තාව කොටගල ෆොරොස්ට් ක්‍රික් වතු යායේ එකම වතු නිවාස පේලියක පදිංචිකරුවන් බව ඒෂියන් මිරර් හැටන් වාර්තාකරු සඳහන් කර සිටියි.

අද (19) උදැසන 11.30 ට පමණ ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් මව සහ දියණිය එක්ව මුගරකින් පහර දී විශ්වනාදන් අම්මා නැමති කාන්තාව ඝාතනය කර දිඹුල පතන පොලිසිය සඳහන් කරයි.

සැකකාරිනියන් දෙදෙනා පහර දී ඝාතනය කර ඇත්තේ සැකකාර මවගේ සැමියාගේ දෙවෙනි බිරිඳ බවද පොලීසිය පැවසීය.

ජිවිතක්ෂයට පත් කාන්තාවගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලීසිය පරික්ෂණ පවත්වයි.

සිදුවීමේ ඡායාරූප පහතින්,

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Monday, 22 March 2021 15:01