May 04, 2024

වන සංහාරය ගැන දැක්වූ දැවැන්ත පෝස්ටරය වහාම ඉවතට - නියෝගය ඉහලින්ම ඇවිත් (PHOTOS)

නෙලුම් පොකුණ රඟහල අසල විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකර තිබූ දැවැන්ත පෝස්ටරයක් (මියුරල් චිත්‍රය) ඉවත් කිරීමට ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් අනුව, කොළඹ මහ නගර සභාවේ කම්කරුවන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අඩි 70 × 20 ක් උසැති මෙම දැවැන්ත පෝස්ටරයේ වනජීවී සොබාදම් සංරක්ෂණ සංගමයේ තරුණ කණ්ඩායමට අයත් පිරිසක් විසින් නිර්මාණය කර ඇති අතර අද සවස 4, ශ්‍රී ලංකාවේ සිදුවන අලි විනාශ කිරීම, වනාන්තර විනාශ කිරීම සහ අලි මංකඩ විනාශ කිරීම වැනි පරිසර හිතකාමී නොවන ක්‍රියාවලට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ සහ පොලිසියේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඊයේ රාත්‍රියේ මෙම පෝස්ටරය එම ස්ථානයේ ඉදිකර ඇති බව සංවිධායකයෝ සඳහන් කරයි.

කෙසේවෙතත් ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ සංවිධායකයින් ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ ජනාධිපති කාර්යාලයේ උපදෙස් අනුව කොළඹ මහ නගර සභාව විසින් බිතුසිතුවම් ඉවත් කිරීමට පටන් ගෙන ඇති බවය.

May be an image of outdoors

May be an image of car, road and text that says 'S POLICE'

May be an image of outdoors

Rate this item
(0 votes)
Last modified on Friday, 19 March 2021 14:22