April 26, 2024

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් - දැඩි පොලිස් ආරක්ෂාවකුත් යොදවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  ගුරු සංගම් ‍ දෙකක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (19) උද්ඝොෂණ දෙකක් අරඹා තිබේ.

රජයට පක්ෂව හා විපක්ෂව කණ්ඩායම් දෙකක් මෙලෙස ඔවුහු විරෝධතාව පවත්වති.

විදුහල්පති පත්වීම් දේශපාලනීයකරණය නොකරනු , නියම සුදුසුකම්මත පත්වීම් ලබා දෙනු, අධ්‍යාපන සේවා දේශපාලනීය නොකරනු යැයි සඳහන් සටන් පුවරු අතැතිව පොදුජන අධ්‍යාපන සේවා සංගමය උද්ඝෝෂණයේ නිරතව සිටියි.

‘සැවොම එක්වෙමු, එකට නැගිටිමු, අපේ ශක්තිය පෙන්වමු මැයෙන් පුවරු රැගෙන ගුරු විදුහල්පති සේවා සංගමයද  මෙලෙස විරෝධතාවයට එක්ව සිටිති.

මෙම විරෝධතා හේතුවෙන් පැලවත්ත බත්තරමුල්ල මාර්ගය දැඩි වාහන තදබදයක් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරයි.

විශාල පිරිසක් මෙම විරෝතාවට එක්ව සිටින අතර ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Friday, 19 March 2021 12:28