April 26, 2024

රූපෙට රූපේ සමාන වුණා: මම නෝනට ඉඩම දුන්නා - සීගිරි ඉඩම පැවරූ නිලධාරියාගේ පාපොච්චාරණය

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර වෙත අහිංසක යුවලකට හිමි ඉඩමක් පවරා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් වෙමින් තිබේ.

අදාළ පැවරීම සම්බන්ධයෙන් ලිපි ලේඛන පරික්ෂා කිරීමට, අනුමත කිරීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බලය පවරා තිබූ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරී ශානක වර්ණසූරිය මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත්වීම පිළිබඳව කරුණුද හෙළි කොට තිබේ.

තමාට පැවරුණු රාජකාරිය හරියටම ඉටු කර තිබෙන බව වර්ණසූරිය මහතා සඳහන් කරයි.

මේ ඉඩම පවරා ගත් කාන්තාව ඉදිරිපත් කොට තිබෙන හැදුනුම්පතේ රූපයට සමාන කෙනෙක් තමා ඉදිරියට පැමිණ සිටි බැවින් තමා එම ඉඩම ඇයට ලබාදීම අනුමත කළ බවද වර්ණසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 March 2021 11:33