April 26, 2024

ආණ්ඩුවේ ලොකුම ලේකම් පුටුවේ වෙනසක්? අලුත් ලේකම්ටත් අවුරුද්දයි

ආණ්ඩුවේ ඉහළම ලේකම් තනතුරක් දරන්නෙකු එම තනතුරින් ඉවත් කිරීමට තීන්දු කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම ලේකම්වරයාට එරෙහිව පසුගිය කාලසීමාවේ දිගින් දිගටම ලැබුණු පැමිණිලි මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.

පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රධානීන් අතර පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව ලේකම් තනතුර සදහා තවත් ඉහළ තනතුරක් දරන්නෙකු යෝජනා වී ඇති අතර එම තීන්දුව දැනටමත් එම පුද්ගලයාට දැනුම් දීමට පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය.

වසරක කාලයක් සදහා එම තනතුර බාර දීමටද එම සාකච්ජාවේදී තීන්දු වී ඇත.

අදාළ ලේකම්වරයා පිළිබඳ මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරුන්ගෙන්ද විවිධ පැමිණිලි ලැබී ඇති අතර ඉන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධියේද එම ලේකම්වරයා විවේචනය කර තිබිණි.

ආණ්ඩුවේ වැඩකටයුතු කර ගෙන යාමට පවා විවිධ බාධා මතුවූ අතර ආණ්ඩුව නිර්මාණය කිරීමට ප්‍රබල දායකත්වයක් දැක්වූ මහා සංඝරත්නය ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ අදාල ලේකම්වරයාගේ ක්‍රියාකලාපය නිසා ආණ්ඩුව ගැන ජනතාවට අප්‍රසාදයක් ඇති විය හැකි බවයි.

එනිසා අදාල ලේකම්වරයා වහාම ඉවත් කර ඒ සුදුසු අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකු පත් කරන ලෙස විවිධ පාර්ශවයන්ගෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 14 March 2021 09:08