April 26, 2024

අශෝක් අබේසිංහ CID යට සජිත් එක්ක ආවේ ඇයි ? (VIDEO)

පාස්කු ප්‍රහාරය පිළිබද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්දව කටඋත්තරයක් ලබා ගැනීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඔහු පැමිණ තිබුනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගයි . මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා පවසා සිටියේ තමුන්ගේ පක්ෂයේ සාමාජිකයින් රැකගැනීම තමන්ගේ යුතුකමක් බවත් එනිසා තමා තමන්ගේම මෝටර් රථයෙන් මන්ත්‍රීවරයා සමග පැමිණි බවයි. තව දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා හැට අට ලක්ෂයක් වූ මෙම ආණ්ඩුවට චන්දය දුන් ජනතාව කනස්සල්ලෙන් සිටින බවත් පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවන් සොයා ගැනීම අනිවාර්යෙන් කල යුතු බවත් ප්‍රකාශ කර සිටි අතර තම පක්ෂයද පාස්කු ප්‍රහාරය පිළිබද ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන කනස්සල්ලෙන් සිටින බවත් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම වැරදි කරුවන්ට දැඩි දඩුවම් පැමිණිය යුතු බවටත් ප්‍රකාශ කර සිටියා.

Rate this item
(0 votes)