May 10, 2024

ගීත මංකොල්ලයට ඔස්කා සංවිධානයෙන් තීන්දුවක් දෙයි

“ඇඩ්ඩ්‍රස් නෑ” චිත්‍රපට ගීතය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුධය සම්බන්ධයෙන් විමසා බැලීමට පත් කරන ලද ඔස්කා සංවිධානයේ කමිටුව විසින් එය ගීත මංකොල්ලයක් නොවන බවට තහවුරු කර තිබේ.

එමෙන්ම මෙම ගීතය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය සාමකාමිව විසඳා ගැනීමට අදාළ පාර්ශවයන් එකඟ වූ බවටද ඔස්කා සංවිධානය විසින් පත් කරන ලද කමිටුව සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

මෙම කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කර ගනිමින් ගීත නිර්මාණ කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන මහත්වරුන් වෙත ඒ බව ලිඛිතව දන්වා යවා තිබේ.

No photo description available.

No photo description available.

No photo description available.

සබැඳි පුවත් - සුනිල් ආරියරත්නට, රෝහණ වීරසිංහට භාතිය - සංතුෂ් පිළිතුරු දෙයි

Rate this item
(0 votes)