May 13, 2024

වහබ්වාදයේ අන්තර්ගතය ගැන ආණ්ඩු විපක්ෂ හැමෝම නිහඩයි: ඒ ඇයි?රතන හිමියන් ප්‍රශ්න කරයි

වහබ්වාදයේ අන්තර්ගතය සියලුම පෙළ පොත් වල තිබෙන බව විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුල තිබෙන බව කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කොට තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරයි.

උන්වහන්සේ මේ බැව් අනාවරණය කළේ පාස්කු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

මේ විවාදයට එක්වූ ආණ්ඩු - විපක්ෂ දෙපාර්ශවයේ කිසිදු මන්ත්‍රීවරයෙකු වාර්තාවේ ඇති වහබ්වාදී අධ්‍යාපනයේ ඇති අනතුර ගැන කතා නොකළ බවට උන්වහන්සේ සිය කථාව අතරතුර චෝදනාවක් එල්ල කරන ලදී.

මද්‍රසා පාසල් පිළිබඳවද තමන් වහන්සේ මේ සභාවේ කීප වතාවක් කතා කළ බව පෙන්වාදුන් රතන හිමියන් මද්‍රසා පාසල් බෞද්ධ දරුවන්ගේ දහම් පාසල් මෙන් නොව මුස්ලිම් මූලධර්මවාදයේ අන්තර්ගතය සහිත අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් බව ද පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 March 2021 16:22