May 10, 2024

ජනපති යනකොට හෙලිකොප්ටර් 02 ක් යන්නේ ඇයි? විපක්ෂයේ ප්‍රශ්නයට ඇමැති චමල්ගෙන් පිළිතුරු

ජනාධිපතිවරයා ගුවනින් යන විට හෙලිකොප්ටර් දෙකක් ගමන් කරනුයේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යැයි අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා යන බොහෝ තැන්වලට හෙලිකොප්ටර් දෙකක් ගමන් කරන බවත් එම සම්ප්‍රදාය වෙනස් කරන්නේ නැද්ද? යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා චමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරායගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

"සම්ප්‍රදාය වෙනස් වෙලා ජනාධිපතිතුමා ඉන්නෙත් තමන්ගේ ගෙදර. ඒ වගේම ආරක්ෂාව වෙනස් කරලා. පාරේ යනකොට යන්නේ වාහන තුනයි. ජනාධිපතිවරයෙකුට උඩින් යන්න බැරිනම් කොහෙන්ද යන්නේ. අනාගතේ ඉන්න අයටත් ඒ ප්‍රශ්න බලපාන්න පුළුවන්. දෙකක් යන්නේ ආරක්ෂාවට." යැයි රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසී ය.

Rate this item
(0 votes)