May 17, 2024

මෙරට ඉඩම් මැනීම කොරියාවට ලබා දීමේ සැලසුමක් - රජයේ මිනින්දෝරු සංගමයෙන් හෙළිදරව්වක්

පසුගිය රජය විසින් මෙරට ඉඩම් ඇමරිකානු සමාගමක් සම්බන්ධ කොට මැනුම් ගත කිරීමට සහ සිතියම් ගත කිරීමට ගිය බවත් එය නවතා මෙම රජය කොරියානු සමාගමක් සමඟ එම ක්‍රියාවලියම සිදුකිරීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටින බව රජයේ මිනින්දෝරු  සංගමය 09 දින දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද බණ්ඩාර උඩුගොඩ මහතා  කියා සිටියේ මෙම තීරණය ඇතුළු යෝජනා තිස් දෙකක් මේ වන විට රජයට සහ ඉඩම් අමාත්‍යවරයාට ලබාදී ඇතත් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවය. මිනින්දෝරු සංගමය 09 දින සහ 10 දින දින නිවාඩු දමා වෘතීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට තිබෙන බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී රටේම මිනින්දෝරු සංගමය   දැඩි  ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ය.

දේශීය මිනින්දෝරු වරුන්ට කිසිදු යටිතල පහසුකම් ලබා නොදී උපරිම සේවාවක් ලබා ගැනීම සදහා උත්සාහ කරන බවත් එසේ උත්සාහ කළ ද සේවා තෘප්තිමත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නොමැතිව ඉතා සූක්ෂම ලෙස මෙරට මැනුම් කටයුතු කොරියානු සමාගමකට පැවරීමට උත්සාහ කරන බවද නිලධාරීහු චෝදනා කරති.

පසුගිය රජය ඇමරිකාව එක්ව මෙරට ඉඩම් මැනුම් ගත කිරීමේ ක්රියාවලිය සහිත ලේකනයේ මුල් පිටුව හා රට පමණක් වෙනස් කොට එම කාර්යම සිදු කරන්නට යන බවත් සිදු කරන්නට යන ක්‍රියාවලිය පිළිබධව  මැනුම්පතිනිය වහා රටට හෙළි කලයුතු බව අවධාරණය කළේය .

මේ  අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විෂයභාර අමාත්‍ය එස් .එම් චද්‍රසේන මහතාට දුරකතන ඇමතුමක් ලබාගෙන මිනින්දෝරු සංගමය නගන චෝදනාව පිළිබඳව විමසීමේ දී කියා සිටියේ එවැනි දෙයක් තමා නොදන්නා බවය.

 පසුව මාධ්‍ය හමුවේ වාඩිවී සිටි සභාපතිවරයාට දුරකථන ඇමතුම සම්බන්ධ කරදුන් අතර  දෙදෙනා අතර සාකච්ඡා වූයේ ඇමතිවරයා මේ බව නොදන්නා බවය '. රටේ ඇති තත්වය සලකා බලා වැඩ කරන්නැයි අමාත්‍යවරයා මිනින්දෝරු සංගමයට අවවාද කරද්දි දිගින් දිගටම මිනින්දෝරු සංගමය කියා සිටියේ කාලයක් තිස්සේ සාකච්ඡාවක් ඉල්ලුවදඑය නොලැබුණු බවය.

චන්ද්‍රසේන අමාත්‍යවරයා කියා සිටියේ තමන් ගෙන් එවැනි ඉල්ලීමක් සිදුකර නැති බවය. ඒ අනුව 10 දින 11ට සාකච්ඡාවට පැමිණෙන්නැයි අමාත්‍යවරයා එම සංගමයට මාධ්‍ය හමුවේදීම දැනුම් දුන්නේය .

මෙරට ඉඩම් මැනීම සම්බන්ධයෙන් කොරියානු සමාගමකට ලබා දීමේ සිද්ධියක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය ,රජයේ මිනින්දෝරු සංගමය එහි ව්‍යාපෘති වාර්තාව මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීම ද මෙහි විශේෂත්වයකි.ඇමති වරයාටද කියා සිටියේ එහි ලියකියවිලි තමන් සතුව තිබෙන බවය .

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)