April 26, 2024

ආණ්ඩුව ප්‍රශ්න කරන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට වෙනම මාධ්‍ය හමුවක්

මෙරට ප්‍රථම වරට නව මාධ්‍ය සදහාම වෙන්වූ මාධ්‍ය හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබේ.

ඒ අනුව හෙට (10)  සිට සෑම බදාදා දිනකම එම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත අතර හෙට පෙරවරු 10.30 ට 'කොරෝනා එන්නත්කරණයේ ඉදිරි සැලසුම්' පිළිබද සාකච්ඡා කිරීමට නියමිතය.

එම මාධ්‍ය හමුවට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ වෛද්‍ය සමිත ගිනිගේ යන මහත්වරුන් සහභාගීවීමට නියමිතය.

අදාල සතියේ සුවිශේෂී මාතෘකාව ගැන සංවාද කිරීමට අදාල අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිළධාරින් මෙම මාධ්‍ය හමුවට සහභාගිවීමට නියමිතය.

 

Rate this item
(0 votes)