April 26, 2024

ඇමති බන්දුලගෙන් යළිත් ධන රින කතාවක් - දින 3ට 102% කින් සතොස අලෙවිය ඉහල ගියා

අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ වර්ග 27ක මිල ගණන් වෙළදපොලේ පවතින මිල ගණන් වලට වඩා අඩුවෙන් ලබා දීම මත සතොස පාඩුව සැලකිය යුතු අයුරකින් පියවා ගැනීමට හැකි වූ බව බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

මේ තත්ත්වය මත දින තුනක් තුළ 102% කින් සතොස අලෙවිය වර්ධනය කර ගැනීමට හැකිවූ බවද සඳහන් කරයි.

තවදුරටත් ඇතැම් සතොස අලෙවිසැල් පාඩු ලබන්නේ නම් ඒ ඒ ප්‍රදේශවල තිබෙන අවශ්‍යතා වලට අනුව එම වෙළඳසැල් සකස් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සතොස අලෙවිසැල් පාඩු ලැබීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන නලින් ප්‍රනාන්දු මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 12:15