April 27, 2024

ඥාණාලෝක හිමිගේ අපවත්වීම ගැන රතන හිමිත් සිය මතය කියයි

කාව්‍ය ධර්ම දේශනා පැවැත්වීමේ ජනප්‍රිය දේශකයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය පන්නල ඥාණාලෝක හිමියන් අපවත් වූයේ කොවිඩ් එන්නත එන්නත් කිරීමේදී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද තහවුරු කරයි.

උන්වහන්සේ මේ බැව් සඳහන් කළේ පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන්ගේ අපවත්වීම පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

අපවත් වී වදාළ හිමියන්ගේ අවසන් කටයුතු කරන දිනය පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළ රතන හිමියන් පි.සි.ආර් පරීක්ෂණයක් කිරීමෙන් පසු ලැබෙන වාර්තාවෙන් පසු ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවද රතන හිමියන් පෙන්වා දෙයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිය සහයෝගය ආණ්ඩුවට ලබා දෙමින් සිටී.

මීට පෙර ඒ බැව් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් පූජ්‍ය පන්නල ඥාණාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා මර්දන එන්නත එන්නත් කිරීමෙන් සිදුවූ අසාත්මිකතාව හේතුවෙන් බව තහවුරු කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 11:58