May 02, 2024

කොවිඩ් එනන්තට වඳභාවය ඇති වෙයිද? ජපුර සරසවියේ අලුත්ම පරීක්ෂණයේ ප්‍රගතිය එයි

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්න ලබා ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට සමාජ මාධ්‍යයේ පළවන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

එන්නත් ලංකාවේ ජනතාවට ප්‍රතික්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් සහ ප්‍රතිදේහ සෑදෙන ආකාරය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

සෞඛ්‍ය සේවකයින් 2,000කගේ පමණ රුධිරය අරගෙන ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබන අතර ඔවුන්ට එන්නත ලබාදීලා දැන් මාසයක් වන අතර දැනට හොඳ ප්‍රතිඵල තිබෙන බව ඒ මහත්මිය පැහැදිලි කරයි.

එහිදී ඇය මෙසේ අදහස් දැක්විය.

"මේ එන්නත්වලට ලංකාවේ ජනතාවගේ ප්‍රතික්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරගෙන යනවා. ඒ කියන්නේ ප්‍රතිදේහ කොහොමද හැදෙන්නේ කියලා. සෞඛ්‍ය සේවකයින් 2,000කගේ විතර රුධිරය අරගෙන ඒ ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඔවුන්ට එන්නත ලබාදීලා දැන් මාසයක් ගිහින් තියෙන්නේ. දැනට හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්. නමුත් එන්නත්කරණය ගැන සමාජ ජාල මාධ්‍යවල ඉතාමත්ම වැරදි මත පැතිරෙනවා. එකක් තමයි වඳ භාවය ඇති වෙනවා කියලා. ඒ වගේ කතාවක් කොහෙන් ආවද කියලා හිතාගන්නත් බෑ. ඒකෙ කිසිම සත්‍යතාවයක් නෑ," 

Rate this item
(0 votes)