April 27, 2024

සමගි කාන්තා බලවේගයේ ප්‍රධානියා ජලනිද ? තලතාද ? කාන්තා දිනයදාම ප්‍රශ්නයක්

සමගි ජන බලවේගයට අනුයුක්ත සමගි වනිතා බලවේගයේ නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නැගී තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි වනිතා බලවේගයේ මූලිකත්වය හිටපු අමාත්‍යවරියක වූ තලතා අතුකෝරාල මහත්මියට පවරා තිබුණ ද ඇය අභිබවා සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ ජලනි ප්‍රේමදාස මහත්මිය කටයුතු කරන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

තලතා අතුකෝරල මහත්මිය සමගි වනිතා බලවේගයේ කටයුතු සඳහා සහභාගි වන හෝ මැදිහත් වන ආකාරයක් දක්නට නොලැබෙන බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ කුමන හේතුවක් නිසාද යන්න තවමත් පැහැදිලි නොමැති බවද පෙන්වා දෙන එම ආරංචි මාර්ග අතුකෝරාළ මහත්මිය සමගි කාන්තා බලවේගයේ වැඩ කටයුතු පිළිබඳ උනන්දුවක් නොදක්වන බව තහවුරු කරයි.

අදට (8) යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිත්තෙන් සමගි කාන්තා බලවේගයද උත්සවයක් සංවිධානය කොට තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 12:21