April 27, 2024

වාහන ආනයනයට තව දුරටත් සීමා

විදේශ විනිමය කළමනාකරණය පැත්තෙන් වාහන ගෙන්වීම පිළිබඳවත්, වෙනත් ආනයන පිළිබඳවත් ඇති කර තිබෙන යම් යම් නියාමන නීති රීති, සීමාකරණ නීති රීති තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවක් තිබෙන බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කොට තිබෙනවා .


මහ බැංකුවේ දී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී දැනට පවතින වාහන ආනයන සීමා කවදා වන විට ඉවත් කරනවා ද යනුවෙන් මාධ්‍යවේදියකු විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා මේ සම්බන්දව අදහස් පල කොට තිබෙනවා .
ඔහු තවදුරටත් කීවේ එම ප‍්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් දීම මහ බැංකුවට පමණක් කළ හැකි වැඩක් නොවන බවයි. ඔහු තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

මහ බැංකුව හැටියට අපට ඉදිරිපත් කරන්න තිබෙන අදහස් අනුව වාහන ගෙන්වීම පිළිබඳවත්, වෙනත් ආනයන පිළිබඳවත් ඇති කරලා තියන යම් යම් නියාමන නීති රීති, සීමාකරණ නීති රීති තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ විදේශ විනිමය කළමනාකරණය පැත්තෙන්. ඒ අදහස අප නිතරම ආණ්ඩුවට ප‍්‍රකාශ කරලා තිබෙනවා. හැබැයි අවසාන තීරණ ගැනෙන්නේ ඒ පිළිබඳ කමිටුවකින්. මහ බැංකුවේ නියෝජිතයන් ඒ කමිටුවේ ඉන්නවා. නමුත් ඒක හුදෙක් නියෝජනයක් පමණයි.

Rate this item
(0 votes)