April 26, 2024

මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ පත්තර අච්චු ගහනවා වගේ - රනිල් කියයි (VIDEO)

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයට අනුබද්ධ 'ග්‍රීන්බ්ලඩ්' සංවිධානයේ තරුණයින් අතර හමුවක් අද පෙවරුවේ බොරැල්ලේදී පැවැත්වුණි.

එහිදී, Green Blood සංවිධානයේ සාමාජිකයින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, "මෙතනින් පස්සේ ඔබට රජයක් ක්‍රියාත්මක කරන්න ලැබුණොත් ඔබ මූලිකව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේ තත්වයෙන් මිදෙන්න ?," යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, "රජයට ආදායමක් නැති නිසා මුදල් මුද්‍රණය කරනවා. පුවත්පත් මුද්‍රණය කරනවා වගේ. 2010, 2015 ආණ්ඩු මුද්‍රණය කළ මුදල් වගේ තෙගුණයක්. අපි ඩොලර් කෝටි හත්සිය පනහක් සංචිත ලෙස ඉතිරි කළා. දැන් කෝටි 450කට අඩුවෙලා තියෙන්නේ. අපිට බැන්නට ආර්ථිකය හැදුවා. අපි සෞඛ්‍යට මුදල් වෙන් කළා. ටැබ් දෙන්න ගියාම විරුද්ධ වුණා. ටැබ් දුන්නානම් දැන් අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳෙනවා. ආණ්ඩුව කුමක් වුවත් රට ඉදිරියට ගෙනියන්න තිබුණා. දැන් බඩු මිල වැඩිවෙලා. අවුරුද්ද ඉවරවෙද්දි තරු පෙනෙයි. මේක හදන්න සාමාන්‍ය ආණ්ඩුවකට දශකයකට වඩා කාලය යනවා‍. එතකොට තරුණ යුගය ගිහින් ඉවරයි . ඡන්දය දුන් තරුණයින්ගේ විශ්වාසය කඩ වෙලා. තරුණයන්ගේ අනාගතය නැතිවෙලා. ආර්ථික ප්‍රශ්න ගැන කතා කළාම තරුණයන්ගේ නිදහස සීමා කරනවා." යනුවෙනි පැවසීය.

Rate this item
(0 votes)