April 26, 2024

ජනපතිට සහ බැසිල්ට මන්ත්‍රීවරයෙකුගෙන් චෝදනාවක්! පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු CIDයට යයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ.

පාස්කු ප්‍රහාරයට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා සිදුකර ඇති එම ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රිවරුන් මෙලෙස පැමිණිල්ලක් සිදු කර තිබේ.

නීතිඥ උදයන කිරිඳගොඩ, මධූර විතානගේ, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඊට සහභාගී සිටියහ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 08 March 2021 11:48