May 18, 2024

රටම කම්පා කරමින් මිය ගිය තරුණියගේ සහෝදරයා සංවේදීව සියලු දෙමාපියන්ගෙන් කළ ඉල්ලීම

උප පොලිස් පරික්ෂවරයා අතින් ඝාතනය වී මිය ගිය තරුණියගේ සහෝදරයා විසින් මෙරට සියලු දෙමාපියන්ගේ ඉල්ලීමක් කර තිබේ.

කුරුවිට ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන ඔහු පවසා සිටියේ මෙවන් දෙයකි.

“200කට ආසන්න ප්‍රමාණයක් විතර කතා කරලා තියෙනවා මෙහෙම කාන්තාවන් පිළිබඳව.. මටත් දැකගන්නට ලැබුණා තරුණියන්ගේ පොටෝ දෙකක් ඒ සම්බන්ධවම ලැබිච්චි කිහිපයක්.. මට කියන්න තියෙන්නේ ඉතින් මගේ නංගීට වෙච්චි දේ ආයේ වෙන කාටවත් සිදු නොවේවා කියලා..මට ඉල්ලන්න තියෙන්නේ දෙමාපියන්ගෙන් දරුවන් ගැන අවධානය යොමු කරලා ඉන්න කියලා..ඒක තමා ඉතින් කරන්න තියෙන්නේ මොකද මේ සිදුවීමත් එක්ක 200කට ආසන්න ප්‍රමාණයක් කෝල් කරනවා කියන්නේ රටේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා…”

රටම කම්පාවට පත් කරමින් පසුගිය 01 වැනිදා වේල්ලවීදියේ තිබූ සොයා ගත් තරුණියගේ දේහය පිළිබඳව මුලික පරික්ෂණවලදී ඇයව හඳුනා ගැනීමට සහ ඝාතනය පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒවා ලබාදීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් වේල්ලවීදියේ පොලිස් ස්ථානයේ දුරකථන අංකය සහ කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශයේ දුරකථන අංකයන් ප්‍රසිද්ධියට පත් කළේය.

මෙම දුරකථන අංක ප්‍රසිද්ධ කිරීමත් සමඟ එම තරුණිය තමන්ගේ දියණියද, බිරිඳද, සහෝදරියද යැයි අසා දුරකථන ඇමතුම් 200කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණු අතර සමහර පිරිස් විසින් වට්ස්ඇප් මාර්ගයෙන් තමන්ගේ බිරිඳ සහ දියණියගේ ඡායාරූපද ඒවා තිබුණි

Rate this item
(3 votes)