May 18, 2024

කොළඹ අහස වර්ණවත් කරන ගුවන් සංදර්ශනයේ සජීවී විකාශය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන ගුවන් සංදර්ශනයේ අවසන් දිනය අදයි.

එම ගුවන් සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වනදා ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර එය 3,4 සහ අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එම ගුවන් යානා සංදර්ශනය සදහා ඉන්දීය ගුවන් හමුදාව ද සහය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු මස 02 දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමඟ සිදුව තිබෙන අතර 1972 වසරේ මැයි මස 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟම රාජකීය ලංකා ගුවන් හමුදාව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය කෙරිණි.

එම සජීවී විකාශය මෙතනින්,
Rate this item
(0 votes)
Last modified on Friday, 05 March 2021 17:18