May 17, 2024

තරුණියගේ හිස දමාගෙන ගියා යැයි සැක කළ පොලිස් නිලධාරියාගේ ගමන්මල්ලත් හමුවෙයි

උප පොලිස් පරික්ෂකවරයාගේ බිරිඳ විසින් බඩල්කුඹුර පොලීසිය වෙත කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් පොලිස් නිලධාරීයා විසින් නිවසට ගෙන එන ලද සැක කටයුතු මල්ලක් පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබුණි.

එහිදී ඇය කියා තිබුණේ “තුන්වෙනිදා රෑ 11.30ට විතර එයා ගෙදර ආවා. අතේ කළුපාට බෑගයකුත් තිබුණා. ඊට කළින් එයාට මහගේ දුව කෝල් එකක් ගත්තා. එතකොට මහත්තයා දුවට කියලා තිබුණේ එයා කොළඹ ඉන්නේ. දවස් හතරකින් විතර ගෙදර එනවා කියලා. එහෙම කියලා තමයි තුන්වැනිදා රෑ ආවේ. මම රෑ බතුත් බෙදලා දුන්නා. හැබැයි කතාබහක් තිබුණේ නැහැ..” 

මෙහිදී තරුණිය ඝාතනය කිරීමෙන් පසුව අපරාධකරු උප පොලිස් පරික්ෂකවරයා විසින් කරේ දමාගෙන ගිය ගමන් පොලිසීයට සොයා ගැනීමට හැකිව තිබේ.

පොලීසිය මුල සිටම සැක පළ කර තිබුණේ මෙම සැකකටයුතු ගමන්මල්ලේ පොලිස් පරික්ෂවරයා විසින් ඝාතනය කළ තරුණියගේ හිස දමාගෙන යන්නට ඇති බවයි.

නමුත් අදාළ ගමන්මල්ල පරික්ෂා කිරීමේදී මිය ගිය තරුණියගේ හිස දමාගෙන ගිය බවට කිසිදු සාක්ෂියක් හමුව නොමැති බවද පොලීසි විසින් පවසා ඇත.

අවම වශයෙන් එම ගමන් මල්ල තුළ තරුණියගේ යැයි සැක කළ හැකි ලේ පැල්ලමක් හෝ නොතිබුණු බවද වැඩිදුරටත් හෙළි වී තිබේ.

මෙම ගමන්මල්ල හමුව තිබුණේ පොලිස් පරික්ෂවරයාගේ නිවසේ තිබියදීය.

තරුණියගේ හිස පොලිස් පරික්ෂකරයාගේ නිවස අසළ ඇති ළිඳකට දමා ඇතැයි තිබූ සැකයක් මත අඩි 5ක් පමණ වන එම ළිඳේ වතුර ඉවත් කොට පරික්ෂා කර ඇතත් සැක කටයුතු කිසිවක් හමුවී නොමැත.

මිය ගිය තරුණියගේ හිස සොයා පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.




Rate this item
(0 votes)