May 18, 2024

ගැහුවෙ 4 දෙනෙක් නෙමෙයි 10 දෙනෙක් : පුතා රෝහලෙන් ගියා - නීති විභාගයට සූදානම් වෙනවා

සිය පුත්‍රයා වූ මිගාර ගුණරත්නට පහරදීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු සිව්දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දුන්නද තවමත් එය ක්‍රියාත්මක වී නොමැති බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරයි.

වැඩ තහනමට ලක්ව තිබෙන මෙම 4 දෙනාට අමතරව තවත් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු පමණ සිය පුත්‍රයාට පහරදුන් බව පෙන්වා දෙන ගුණරත්න මහතා ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද සඳහන් කරයි.

එනිසා ඔවුන් සම්බන්ධයෙන් ද අවශ්‍ය නීතිමය පියවර ගැනීමට තමා කටයුතු කරන බව ගුණරත්න මහතා හෙළිදරව් කරයි.

මේ වන විට සිය පුත්‍රයා රෝහලේ පිටව ගොස් නීති අවසන් විභාගයට පෙනී සිටීම සඳහා සූදානම් වෙමින් සිටින බව ද ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මෛත්‍රී ගුණරත්න මහතා මෙම අදහස් පළ කළේ සිය පුත්‍රයාට පෑලියගොඩ පොලිසිය තුළ කළ පහරදීම සම්බන්ධයෙන් වූ සිද්ධියේ නීතිමය තත්ත්වය පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

Rate this item
(1 Vote)