April 26, 2024

"රජය අපිව නොසලකා හැරලා" අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල පළ කරමින් නිවේදනයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායේ මහ නායක හිමිවරුන්ට ලබා නොදීම පිළිබඳ එම නිකායන් දෙකෙහි ලේඛකාධිකාරී හිමිවරුන් කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේලා පෙන්වා දෙන්නේ පසුගියදා නිකුත්වූ වාර්තාව මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් වෙත සහ කාදිනල් හිමිපාණන් වෙත ද භාරදී ඇති බවයි.

එහෙත් මෙරට තුනෙන් දෙකක් වන මහා සංඝරත්නය නියෝජනය කරන ප්‍රධාන භික්ෂු නිකාය දෙකක් වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන දෙනිකායේ මහ නායක මාහිමිවරුන් වෙත භාරදී නොතිබුණු බව අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

රජය විසින් මෙම දෙනිකාය නොසලකා හැර ඇති බවට එමගින් හැගීයන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

රටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව සහ මධ්‍යස්ථාව ක්‍රියාකළ යුතු බව තම හැගීම වන අතර ඒ සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය සහ කණගාටුව පළකරන බව ද අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්වල ලේඛකාධිකාරී හිමිවරුන් සිය නිවේදනය මගින් ප්‍රකාශකර තිබේ.

Rate this item
(0 votes)