May 02, 2024

සජිත් පිල කොළ පාට වෙයි - ප‍්‍රකාශනයට සජිත් අත්සන තබයි

ඊයේ (03) දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර වනජීවි දිනයට සමගාමීව සමගි ජන බලවේගය හරිත පක්ෂයක් බවට පත් කරනු ලැබීය.
 
ඒ සඳහා වූ, ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප‍්‍රකාශනයට කොළඹ සිටි සෙන්ටර්හිදී විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අත්සන් තැබීය.
 
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය, අන්‍යාගමික පූජ්‍ය ප‍්‍රසාදීන් වහන්සේලා ද, ඉන්දියානු මහකොමසාරිස්වරයා ද, දේශපාලනඥයෝ ද, ආදිවාසීන් නියෝජනය කරමින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
 
පාරිසරික සුරක්ෂිතතාවය සහ වන ජීවි සංරක්ෂණය හි වැදගත්කම පිළිබඳව මෙහිදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අදහස් දක්වූ අතර සමගි ජන බලවේගය හරිත පක්ෂයක් බවට පත් කිරීමෙහි වැදගත් බව දක්වමින් ද ඔහු කරුණු සඳහන් කළේය.

Rate this item
(0 votes)