May 06, 2024

ඉරණතිව් දූපතේ කොවිඩ් දේහ භූමදානයේ අවුලක්! භූමදානයේ වියදම රජයෙන්

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා රජයේ පුර්ණ වියදමින් මෘත දේහ එම දූපත වෙත ගෙනයන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට වයඹ දෙසින් මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පිහිටා ඇති ඉරණතිව් දූපතේ ස්ථානයක් කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා තෝරාගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (02) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය. 

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරන්චි හි සිට කිලෝමීටර 9.5 ක පමණ දුරින් පිහිටා ඇති ඉරණතිව් දූපත වර්ග කිලෝමීටර 6ක පමණ භූමි ප්‍රදේශයකට හිමිකම් කියන අතර ධීවර ප්‍රජාව වාසය කරන ඉතා කුඩා ජනගහණයක් සහිත ප්‍රදේශයකි.

මේ අතර ඉරණතිව් දූපතේ මෘතදේහ භූමදානයට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අද (03) දිනයේ දී ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීමට සූදානමින් සිටින බවට දූපතේ වැසියන් පවසයි.

යුද්දෙන් පසුව 2017 වසරේ දී දුෂ්කරතා රැසක් හමුවේ ඉරණතිව් දූපතේ තමන් පදිංචියට ගොස් මේ වන විට ජීවිකාව රැගෙන යන අවස්ථාවේ දී තමන් ජීවත් වන දූපතේ කිසිවෙකුටත් කොරෝනා අවදානමක් නොමැති අතර මෙලෙස රජය විසින් ඉරණතිව් දුපතේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානයට ගත් තීරණයට දැඩි ලෙස තමන් විරෝධය පළ කරන බවයි.

මේ වන විට ඉරණතිව් දූපතේ පවුල් 165 ක් පමණ නැවත පදිංචිව සිටින හෙයින් ඉරණතිව් දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් දූපතේ ජලය අඩුවැඩි වීම මගින් ජනතාවට වයිරසය ජලයට මුසු වී වැළඳීමේ අවදානමක් පවතින බව එම වැසියන් කියා සිටිති.

මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයන් රටේ බොහෝ තිබියදී ඉරණතිව් දූපතේ සිරුරු වළ දැමීමට සියලු දූපත්වාසීන් විරෝධය පල කරන අතරම අද දිනයේදී විරෝධතාවක් සංවිධානය කර ශ්‍රීලංකා මානව හිමිකම් කාර්යාලයටද පැමිණිළි කිරීමට තමන් බලාපොරොත්තු වන බවට ඉරණතිව් වැසියෝ පවසති.

Rate this item
(0 votes)