April 26, 2024

"අපිත් BNSලට සුදුහුණු ගෑවා - වේදනාව දැනෙන්නෙ අන්න ඒකයි" - රෝහණ වීරසිංහයන් සියල්ල හෙළි කරයි (VIDEO)

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සහ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගීතයක් නව පරපුරේ දක්ෂ ගායකයන්දෙපළක් වන භාතිය සන්තුෂ් විසින් නැවත ප්‍රතිනිර්මාණය කිරීමෙන් කතෘ අයිතීන්ට හානි වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබිණි.

එහිදී රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසා තිබුණේ භාතිය සන්තුෂ් ඇඩ්‍රස් නැහැ චිත්‍රපට ගීතය මංකොල්ල කා ඇති බවය.

මේ සම්බන්ධයෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන් සමාජ මාධ්‍ය නාලිකාවකට සිය අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි.

"භාතිය සන්තූෂ් ලා තරුණ පරපුරත් අරගෙන ඉදිරියට යද්දී බොහෝ දෙනෙක් අපිට කිව්වේ පරිස්සමෙන් මේ ගොල්ල ඇවිල්ලා වෙළෙන්ඳෝ කියලා.මොන අරමුණකින් මෙතන වෙලා දඟලනවාද දන්නෑ කියලා. එතකොට අපි මේ දෙන්නා පැත්තෙ හිටගෙන නෑ මේගොල්ලෝ එහෙම නෑ කියලා අපි සුදුහුණු ගෑවා. වේදනාව දැනෙන්නෙ අන්න එතන තමයි. ඔස්කා සංවිධානයෙන් අපට කිසිම සහනයක් ලැබුණේ නෑ. අපි කිව්වා මිලියනයක් වත් දීලා ඉල්ලලා මේ වරදට දඬුවමක් දෙන්න ඕන කියලා. මේයලා හොඳට සල්ලි හම්බ ගන්න කට්ටිය නේ. දැනුත් බොරුවට භක්තිය ගැන කියනවා අනුකම්පාව දිනා ගන්න.ඔය භක්තිය තිබුණෙ නෑ අර වැඩේ පටන් ගන්න කොට.අපි යෝජනා කළේ මහා සභා රැස්වීමකදී අපි අතින් වැරැද්දක් වුණා ඒකට සමාවෙන්න කියලා ඒකට වන්දියක් ගෙවිය යුතුයි කියන එක.ඔස්කා එක ඒකෙන් එයාලට ඒ පණිවිඩයේ දීලා තිබුණා. ඒගොල්ලො එක හෙට්ටු කරන්න පටන් ගත්ත.ලක්ෂ හතරක් දෙන්නම් හැටදාහ හැටදාහ කර්තෘභාග ගෙවන්නම් කියලා."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 March 2021 12:38